චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව ගෝලීය දකුණු රටවල බලතල ඒකරාශී කරනු ඇතැයි චීනය කියාසිටී. අද (30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා මේ බව පැවසුවේ, අවුල් සහගත වත්මන් ජාත්‍යන්තර තත්වය යටතේ, අප්‍රිකාව සහ චීනය බහුපාර්ශ්විකත්වයට අනුගත වෙමින් ලෝක සාමය හා සංවර්ධනය ආරක්ෂා කළ යුතු බවට අප්‍රිකානු සංගම් කොමිසමේ හිටපු උපසභාපති Erastus J. O. Mwencha මහතා දැක්වූ අදහස් විග්‍රහ කරමිනි.
ස්වාධීනත්වය, සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම චීනය සහ අප්‍රිකානු රටවල් වැදගත් කොට සලකන අතර, සාමකාමී සහජීවනයේ පංචවිධ මූලධර්ම තරයේ අනුගමනය කරන බව ද ඔහු කියාසිටියේය. සාධාරණ පටිපාටියක් අනුව, ලෝකයේ බහුධ්‍රැවීයතාවක්, වඩාත් සමීප ආර්ථික ගෝලීයකරණයක් සහ වඩා සාධාරණ ජාත්‍යන්තර ක්‍රමවේදයක් ගොඩනැගීමට දෙපාර්ශ්වයම කැප වී සිටින බව ද Lin Jian මහතා පෙන්වා දුන්නේය.
නුදුරේ දී පැවැත්වෙන චීන -අප්‍රිකා සහයෝගිතා සංසදයේ නායක සමුළුව, කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල බලය එක්රැස් කර ජාත්‍යන්තර යුක්තිය, ලෝක සාමය සහ සංවර්ධනය සහතික කරනු ඇතැයි ද Lin Jian මහතා අවධාරණය කළේය