පක්ෂයේ විනය පිළිබඳ අධ්‍යයනයන්හි ජයග්‍රහණ පුළුල් කරමින්, එය උසස් තත්ත්වයේ සංවර්ධනය සහතික කිරීමේ ශක්තිමත් බලවේගයක් බවට පරිවර්තනය කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා පවසයි.
පක්ෂයේ විනය පිළිබඳ අධ්‍යයන නිතිපතා ප්‍රවර්ධනය කරමින්, විනයානුකූලබව දිරිගැන්වීමේ කාර්යභාරය පුළුල් ලෙස ඉටු කළ යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. දූෂණය වර්ධනය කරන සියලු තත්ත්ව වළකා, එය මුලිනුපුටා දැමීම කෙරෙහි ඍජු අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
විනය ක්‍රියාමාර්ග පිළිපැදීමේ පදනම මත හිඳිමින් කාර්යක්ෂමව කටයුතු කිරීමටත්, ධනාත්මක පියවර ගැනීමටත් පක්ෂ සාමාජිකයන්ට මඟපෙන්විය යුතු බව ද ෂී ජින් පිං මහතා පැවසීය.