මෙරටට පැමිණෙන යුරෝපා සංචාරකයන්ගේ වර්ධනයක්
2024-08-30 17:10:36
Share with:
2024 වසරේ අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ සංචාරකයන් 143,622 ක පිරිසක් මෙරටට පැමිණ ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවේ මේ බව සඳහන් ය.
ඒ අනුව, 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,341,681ක් ලෙසයි. එසේම, අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ පැමිණ ඇති සංචාරකයන්ගෙන් 19.5% ක් ඉන්දීය ජාතිකයෝ වෙති. එම සංඛ්‍යාව 28000 කි.
මීට අමතරව, එංගලන්තයෙන් සංචාරකයන් 15,918 ක්, චීනයෙන් 10,068ක් සහ ජර්මනියෙන් 9,162ක් ලෙස සංචාරකයන් මෙරටට පැමිණ ඇත. විශේෂයෙන්ම එංගලන්තය, ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය වැනි යුරෝපා රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක් මෙම වකවානුව තුළ දී නිරීක්ෂණය කළ හැකිය.