යුක්රේනයේ පිහිටා තිබෙන Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරය වෙත ලබන සතියේ පැමිණෙන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi ඊයේ(29) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. “න්‍යෂ්ටික ආරක්ෂණ තත්ත්වය අවිනිශ්චිත බැවින්” තම සංචාරය අතරතුර එම බලාගාරය පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමටත් එහි වර්ධනයන් තක්සේරු කිරීමටත් හෙතෙම අපේක්ෂා කරයි.
මෑතක දී බලාගාරයේ සිසිලන කුලුණේ ඇති වූ ගින්න සහ අගෝස්තු මස මුලදී බලාගාරය ආසන්නයේ ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු වීම ඇතුළු ගැඹුරු සිදුවීම් Rafael Grossiගේ මෙම නිරීක්ෂණ චාරිකාවට හේතු වී තිබේ.
න්‍යෂ්ටික අනතුරක් කෙසේ හෝ වැළැක්විය යුතු බවත්, න්‍යෂ්ටික බලාගාරයකට කිසිදා ප්‍රහාරයක් එල්ල නොකළ යුතු බවත් ඔහු ප්‍රකාශ කර ඇත. ප්‍රතිවිපාක ඉතා විනාශකාරී විය හැකි අතර ඉන් කිසිවකුටත් ප්‍රයෝජනයක් නොවේ. තමා න්‍යෂ්ටික ආරක්ෂාව තර කිරීමට අධිෂ්ඨාන කර සිටින බවට ඔහු අනතුරු අඟවා තිබේ.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ස්ථානගතව සිටින විශේෂඥයින් සඳහන් කර ඇත්තේ බලාගාරය අසලම පිපුරුම් සහ මිලිටරි ක්‍රියාකාරකම් සිදු වන බව තමන්ට ඇසෙන බවයි.
යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයේ ක්‍රියාත්මක අවදානම සහ රටේ ක්‍රියාත්මක න්‍යෂ්ටික බලාගාරවලට ඉන් ඇති විය හැකි බලපෑම කෙරෙහි තමා වැඩි අවධානයක් යොමු කරන බව ද හෙතෙම නිවේදනයෙන් කියා සිටී.