පැරිස් ‍ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවූ චීන නියෝජිත කණ්ඩායම වෙනුවෙන් හොංකොංහිදී විශේෂ පිළිගැනීමේ සාදයක්
2024-08-30 10:13:04
Share with:

හොංකොං විශේෂ පරිපාලන කලාපය පැරිස් ‍ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවූ චීන නියෝජිත කණ්ඩායම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ සාදයක් පවත්වයි.එහිදී අදහස් දැක්වූ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක ජෝන් ලී මහතා සඳහන් කළේ චීන මහ ගොඩබිමේ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකා‍වන් බොහෝවර හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සංචාරය කර ඇති බවයි.එය අදහස් හුවමාරුව හා ක්‍රීඩා සංස්කෘතික සංවර්ධන හුවමාරු ප්‍රවර්ධනයට ඉවහල් වූ බව හෙතෙම කියා සිටී.මෙවර මෙම සංචාරයෙන් මහ ‍ගොඩබිමේ ජනතාව සහ හොංකොං වැසියන් අතර මිත්‍රත්වය තවදුරටත් ගැඹුරු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.ඉන් බොහෝ හොංකොං තරුණ තරුණියන්‍ට ක්‍රීඩාව වෙනුවෙන් කැපවීම හා විශිෂ්ඨත්වය හඹායාම දිරිගන්වන බවද හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය. හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ක්‍රීඩා හා ඔලිම්පික් කමිටු සම්මේලනයේ සභාපතිවරයා සඳහන් කළේ පැරිස් ඔලිම්පික් උළෙලට එක්වූ චීන නියෝජිත කණ්ඩායම හොංකොං වෙත පැමිණ රටේ කීර්තිය බෙදා ගැනීම සම්බන්ධයෙන් සතුටු වන බවයි.හොංකොං යළි මහ ගොඩබිම හා එක්වීමෙන් පසු මධ්‍යම රජය මහ ගොඩබිමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඛණ්ඩව හත් වතාවක් හොංකොං වෙත එවීමෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපය කෙරෙහි මධ්‍යම රජය දක්වන සැලකිල්ල හා සහ‍යෝගය පිළිබිඹු වන බවද හෙතෙම කීය. චීන ඔලිම්පික් කමිටුවේ සභාපති ගාඕ චිඩාන් මහතා අදහස් දක්වමින් මහ ගොඩබිමේ හා හොංකොං ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් චීන ක්‍රීඩා ජීව ගුණය හා දැඩි අධිෂ්ඨානශීලිත්වය ඉදිරියට ගෙන ගොස් ඇති බව පැවසීය.

 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම