තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක්
2024-08-30 17:12:03
Share with:

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කර ඇත.

ඒ අනුව, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. එසේ නොමැති නම් තාවකාලික හැඳුනුම්පත ද ඡන්දය ප්‍රකාශ කිරීමට භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම කියාසිටී.

මෙවර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන ස්ථාන ද මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැකියාව පවතී.

එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාල , නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරි කාර්‍යාල,සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්යය බලකාය, විශේෂ පොලිස් ඒකක , ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල දී නිල ඇඳුම් සහිත කාර්යය මණ්ඩල වලට සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව ඇත.

සැප්තැම්බර් මස 05 සහ 06 දිනවල ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතී.

මේ අතර නියමිත දිනවල දී  ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමට හැකියාව ලැබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම