චීන පැරාලිම්පික් ක්‍රීඩා නියෝජිත පිරිසට චීන රාජ්‍ය මණ්ඩලයේ ආබාධිත පුද්ගලයන්ගේ ක්‍රියාකාරී කමිටුවේ සභාපතිවරියගෙන් සුභ පැතුම්
2024-08-30 11:33:22
Share with:

ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන 17 වැනි ගිම්හාන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීන ආබාධිත ක්‍රීඩක Li Zhangyu ඊයේ(29) මීටර් 3000 C1 පිරිමි තනි පුද්ගල ලුහුබැඳීමේ පාපැදි ධාවන තරඟයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එය මේ වසරේ‍ මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීන ක්‍රීඩා දූත පිරිස ලැබූ පළමු රන් පදක්කමයි.

චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකා සහ චීන රාජ්‍ය මණ්ඩලයේ ආබාධිත පුද්ගලයන්ගේ ක්‍රියාකාරී කමිටුවේ සභාපති Shen Yiqin මහත්මිය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් Li Zhangyu ක්‍රීඩකයාට සහ චීන පැරාලිම්පික් ක්‍රීඩා නියෝජිත කණ්ඩායමට ‍සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

ආබාධිත පුද්ගලයින් පිළිබඳ ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් උපදෙස් චීන ක්‍රීඩා නියෝජිත පිරිස මතකයේ තබා ගනිමින්, චීනයේ ක්‍රීඩා ජීව ගුණය සහ පැරාලිම්පික් හි සිය ශක්තිය වැඩි දියුණු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළාය. එමෙන්ම තරඟ ඉසව් සාර්ථකව ජය ගනිමින්, ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවර්ධනය මෙන්ම ක්‍රීඩා ශක්තියෙන් යුත් රටක් ගොඩනැගීම සඳහා වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන Shen Yiqin මහත්මිය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241103ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම