චීනය හා ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු ය
2024-08-30 14:54:34
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, සංචාරයක් සඳහා චීනයට පැමිණි ඇමරිකානු ජාතිකාරක්ෂක උප‍දේශක Jake Sullivan මහතා ඊයේ (29) බෙයිජිං අගනුවර දී හමුවිය. එම හමුව චීනයේ මෙන්ම ඇමරිකාවේ ද ධනාත්මක ඇගයීමකට ලක්ව තිබේ.

ගෙවුණු වසර කිහිපයේ චීනය හා ඇමරිකාව අතර කුමනාකාර සන්නිවේදනයක් පැවතුණ ද චීනය ඒ පිළිබඳ නොවෙනස් ‍‍ මතයක් පළ කර ඇත. එනම්, මේ ලෝකයේ චීනයට හා ඇමරිකාවට එක හා සමාන ඉඩක් පවතී ය යන්නයි. දෙරට අත් කරගන්නා සමෘද්ධිය එකිනෙකාට අභියෝගයක් නොව අවස්ථාවකි. ඇමරිකානු ජාතිකාරක්ෂක උපදේශකවරයා හමු වූ අවස්ථාවේ චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, චීනය හා ඇමරිකාව සම්බන්ධතා පැවැත්වීමේදී ප්‍රථමයෙන් ම එකිනෙකා කෙරෙහි උපායමාර්ගික වශයෙන් නිවැරදි අවබෝධයක් තිබිය යුතු බවයි. චීනය හා ඇමරිකාව ප්‍රතිවාදීන් ද හවුල්කරුවන් ද යන ප්‍රශ්නයට එම නිවැරදි අවබෝධයෙන් යුතුව පිළිතුරු දිය යුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ය. සමානත්මතාවයෙන් යුතුව චීනයට සැලකීමට එකඟතාව පළ කළ ඇමරිකානු ජාතිකාරක්ෂක උප‍දේශකවරයා එම හමුවේදී කියාසිටියේ ඇමරිකාව හා චීනය දිගු කාලයක් මේ ලෝකයේ සාමකාමී සහජීවනයෙන් එක්ව සිටිනු ඇති බවයි.

එම ආකල්පය ධනාත්මක වුව ද ඇමරිකාව පොරොන්දු වූ ආකාරයටම ක්‍රියා කිරීම වැදගත් ය. චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ සැන්ෆ්‍රැන්සිස්කෝ හමුවෙන් පසු ‍මේ දක්වා ඇමරිකාව චීනය සමග සන්නිවේදනය ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති අතර, විවිධ උපක්‍රමවලින් චීනය මර්දනය කිරීමට ද උත්සාහ දරා ඇත. ඇමරිකාවේ මෙම පරස්පර ක්‍රියාපිළිවෙත් හමුවේ පවා දෙරට සම්බන්ධතා පවත්වාගෙන යාමේ නිවැරදි ක්‍රමවේද චීනය විසින් ඉදිරිපත් කර තිබේ. ඒ ඇමරිකානු ජාතිකාරක්ෂක උප‍දේශකවරයාගේ සහභාගිත්වයෙන් මෙවර පැවති නව වටයේ චීන-ඇමරිකා උපායමාර්ගික සංවාදයේදී ය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන් පරිදි චීනය හා ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතු ය. චීනය මෙන්ම ඇමරිකාව ද මෙම අවබෝධයෙන් යුතුව කටයුතු කළහොත් ද්විපාර්ශ්වික සම්බන්ධතා යථාවත් අයුරින් පවත්වාගෙන යා හැකි බව නිසැක ය.

ගුවන් විදුලිය
20241012සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම