චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අප්‍රිකානු රටවල් 50 විද්වතුන්ට පිළිතුරු ලිපියක් යොමු කරයි.
පොදු ඉරණමක් සහිත, උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීමටත්, ‘ගෝලීය දකුණු රටවල’ පොදු අයිතීන් ආරක්ෂා කිරීම සඳහා බුද්ධිමය පිටුබලය සපයන බවටත් චීන ජනාධිපතිවරයා පසුගියදා (27) යොමුකෙරුණු ලිපියෙන් එම විද්වතුන් දිරිමත් කර ඇත.
නව වටයේ චීන අප්‍රිකානු සහයෝගතා සංසදයේ නායක සමුළුව නොබෝ දිනකින් පැවැත්වේ. චීන-අප්‍රිකානු නායකයන් එහිදී යළි එක් වී සහයෝගතා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් ද්විපාර්ශ්වීය සම්බන්ධතාව සඳහා වඩා සුන්දර දැක්මක් විවර කරනු ඇතැයි බලාපොරොත්තු වේ. අප්‍රිකානු විද්වතුන්ට ‘චීන අප්‍රිකා Dar Es Salaam එකඟතාව’ මත ගෝලීය දකුණු රටවල සංවර්ධන මාර්ග, චීන අප්‍රිකානු සහයෝගතා, දකුණු දකුණු සහයෝගතා පිළිබඳ ගවේෂණය ශක්තිමත් කිරීමට කැපවිය හැකි යැයි අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතාගේ ලිපියේ සඳහන් වේ.
දකුණු අප්‍රිකානු හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී, ජච්යං ගුරු අධ්‍යාපන විශ්වවිද්‍යාලයේ අප්‍රිකානු පීඨයේ ගරු මහාචාර්ය Gert Grobler මහතා මෑතකදී අප්‍රිකානු රටවල් 50 ක විද්වතුන් 63 දෙනෙකු සමග ෂී ජින්පිං ජනාධිපතිවරයාට සම අත්සන් සහිත ලිපියක් යොමු කළේය. චීන අප්‍රිකානු සහයෝගතා සංසදයෙන් ලද ඓතිහාසික ජයග්‍රහණ ඔවුහු එහිදී ඉහළින් ප්‍රශංසා කළහ.