චීන- ඉන්දියා දේශසීමා කටයුතු පිළිබඳ වැදගත් තීරණ රැසක්
2024-08-30 10:09:55
Share with:

චීන-ඉන්දියා දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණය සඳහා වන ක්‍රියාකාරී යාන්ත්‍රණයේ(WMCC) 31 වන රැස්වීම ඊයේ(29) බෙයිජිං හි දී පැවැත්විණ. ඒ චීන විදේශ අමාත්‍යාංශයේ දේශසීමා සහ සාගර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Hong Liang සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා අංශයේ සම-ලේකම් Gourangalal Das යන මහත්වරුන්ගේ සම-සභාපතිත්වයෙනි. 

දෙරට අතර විදේශ කටයුතු, ජාතික ආරක්‍ෂාව සහ ආගමන කටයුතු පිළිබඳ රාජ්‍ය ආයතන නියෝජිතයන් ද මෙම හමුවට සහභාගි වී ඇත . පසුගියදා දෙරට විදේශ අමාත්‍යවරුන් දෙපළ අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ඇතිකරගත් වැදගත් එකඟතාවන්ට අනුව, දේශසීමා තත්ත්වය පිළිබද නව වැඩපිළිවෙලකට යොමු වෙමින් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය එහිදී පෙන්වා දී තිබේ. 

මෙහිදී දෙපාර්ශ්වය දේශසීමා ප්‍රදේශවල පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇති අතර  අදාළ වෙනස්කම් සිදු කර, සංවාදය සහ උපදේශන ශක්තිමත් කිරීමට කැමැත්ත පළ කළහ.  අන්‍යොන්‍ය නීත්‍යානුකූල අවශ්‍යතාවලට ඉඩ සලසමින්, ප්‍රමාදයකින් තොරව පොදුවේ පිළිගත හැකි විසඳුමකට එළඹීමට ද එකඟ වී ඇත. 

එමෙන්ම අදාළ උපදේශනවල ප්‍රතිඵල සහතික කරමින්, දේශසීමා ආශ්‍රිත ගිවිසුම් සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග අනුගමනය කර දේශසීමා ප්‍රදේශවල තිරසර සාමය පවත්වා ගෙන යාමට එකඟත්වය පළ කර ඇත.

ගුවන් විදුලිය
20241104සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම