චීන රාජ්‍ය මණ්ඩලය පසුගිය 29 වැනිදා “චීනයේ බලශක්ති පරිවර්තනය”නම් ධවල පත්‍රිකාව නිකුත් කළේය. මෑත දශකයක පමණ කාලය තුළ චීනය බලශක්ති පරිවර්තනයෙන් ලබා ගත් ජයග්‍රහණ මෙන්ම ගෝලීය හරිත සංවර්ධනයට හා පිරිසිදු සුන්දර ලෝකයක් ගොඩනැගීම උදෙසා චීනය ලබා දුන් වැදගත් දායකත්වයන් පිළිබඳ දත්ත වාර්තා ඊට අන්තර්ගත වේ.
වර්තමාන ලෝකය, බලශක්ති සම්පත් සුරක්ෂිතභාවය සහතික කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම යන පොදු අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. එමෙන්ම හරිත, අඩු කාබන් සංවර්ධනයේ පොදු සංවර්ධන අවස්ථාව ද ලෝකයට උදා වී ඇත. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය 2023 වසරේ පුනර්ජනනීය බලශක්ති සම්පත් පිළිබඳ වාර්තාවේ සඳහන් කළේ, චීනය එම ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන බවයි. එසේම චීනය ලොව පුනර්ජනනීය බලශක්ති සම්පත් ශීඝ්‍රයෙන් හා විශාල වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ප්‍රබල ශක්තියක් සපයන රටක් බව ද එහි දක්වා තිබේ.
චීනයේ හරිත බලශක්ති අනුපාතය අඛණ්ඩව ඉහළ නංවා ගැනීමේ පියවර, ගෝලීය ඉල්ලුම සපුරමින් ගෝලීය බලශක්ති පරිවර්තනයේ පිරිවැය අඩු කර ඇතුවා පමණක් නොව, දේශගුණික විපර්යාසයට මුහුණ දීම සඳහා ද වැදගත් දායකත්වයක් ලබා දී තිබේ. මීට අමතරව, ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන චීනය පවිත්‍ර බලශක්ති සම්පත් පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා පුළුල් කිරීමට ද නව අවස්ථා නිර්මාණය කර ඇත.
ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස චීනය, ලෝක ඉතිහාසයේ අඩුම කාල සීමාව තුළ කාබන්ඩයෝක්සයිඩ් විමෝචනය උපරිම මට්ටමට ළඟා වී, කාබන් උදාසීනත්වය සාක්ෂාත් කිරීම පිළිබඳ ප්‍රතිඥාව නිකුත් කර ඇත. එපමණක් නොව, ගෝලීය වශයෙන් කාබන්ඩයෝක්සයිඩ් විමෝචනය අඩු කිරීමට සහය දෙමින්, ගෝලීය බලශක්ති සම්පත් තිරසර ලෙස සංවර්ධනය කිරීමට ද චීනය පියවර ගනිමින් සිටී.
චීනය අදාළ ඉලක්ක සපුරන්නේ කෙසේද? ඒ සඳහා අවශ්‍ය විවිධ පහසුකම් පුළුල් කිරීම එහි ප්රමුඛ සාධකයයි. තිරසර තාක්ෂණ නවෝත්පාදන භාවිතය, පූර්ණ කර්මාන්ත දාමය, සැපයුම් දාමය හා පූර්ණ වෙළඳ තරඟය මෙන්ම සුපිරි තත්ත්වයේ විශාල වෙළඳ පරිමාණය ද ඊට බලපාන සෙසු සාධක වේ. එසේම චීනය සිය නව බලශක්ති සම්පත් සංවර්ධනය කඩිනම් කරන්නේ සමස්ත ලෝකයම බලශක්ති පරිවර්තනය වෙත නැඹුරු කරමිනි. එය අතිශය ප්‍රශංසනීය වෑයමක් බව ද සඳහන් කළ යුතුම ය.