චීන-අප්‍රිකානු රටවල ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ප්‍රගතිය පිළිබඳ නිල් පත්‍රිකාවක්
2024-08-29 20:00:44
Share with:
චීන-අප්‍රිකානු රටවල ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ පොදු සංවර්ධන ප්‍රගතිය පිළිබඳ 2024 නිල් පත්‍රිකාව චීනයේ දී නිකුත් කෙරේ.
‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ පොදු සංවර්ධන රාමුව යටතේ මේ වන විට අප්‍රිකානු රටවල් 52 ක් සහ අප්‍රිකානු සංගමය චීනය සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹ ඇති බව එම පත්‍රිකාවේ දැක්වේ. අප්‍රිකානු රටවල කිලෝමීටර් 10000 කට වැඩි දුම්රිය මාර්ග, කිලෝමීටර් ලක්ෂයකට ආසන්න මහා මාර්ග, දහසකට ආසන්න පාලම්, 100 කට ආසන්න වරායන්, කිලෝමීටර් හැට හය දහසක විදුලිජාල මාර්ග මෙන්ම කිලෝමීටර් එක්ලක්ෂ පනස් දහසක සන්නිවේදන ජාල ඉදිකිරීම හෝ ප්‍රතිසංස්කරණයට චීන සමාගම් දායක වී ඇති බව ද එහි සඳහන් ය.