ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “පස් වසරක මෙහෙයුම - පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අද (29) එය එළිදැක්විණ.
එම ප්‍රතිපත්ති ප්‍රකාශය ‘වෙළෙඳ ආර්ථික ක්‍රියාන්විතය - 2025 න් ඔබ්බට, ප්‍රභාෂ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා’ යන ප්‍රධාන අංග 5 කින් සමන්විතය. රාජ්‍ය සේවය, විශ්‍රාමිකයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව කෙරෙහි මෙම පස් අවුරුදු සැලැස්මෙන් විශේෂ අවධානය යොමු කර ඇත.
රාජ්‍ය සේවකයන්ට ජීවන වියදම් දීමනාව ලෙස මාසිකව රු 25,000 ක් ගෙවීම, රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප රු 55,000 ක් දක්වා ඉහළ නැංවීම, රජයේ නව නිවාස වැඩ පිළිවෙළේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයන්ට ප්‍රමුඛතාව ලබාදීම මීට ඇතුළත් ය.
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, නවීන පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රට පුරා ඉදිකිරීම ද ජනාධිපතිවරයාගේ ප්රමුඛ යෝජනා අතර වෙයි. විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ මානව අයිතිවාසිකම් සහතික කිරීම සඳහා නව පනතක් 2025 දී පාර්ලිමේන්තුවට රැගෙන එන බව ද එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වේ.
ඉදිරි වසර 5 තුළ උපරිම කැපවීමෙන් ක්‍රියා කර, ශ්‍රී ලංකාවට ජයග්‍රාහී කාලයක් උදාකරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේය.