චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීමේ කමිටුවේ 6 වැනි රැස්වීම චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) පෙරවරුවේ බෙයිජිංහිදී පැවැත්විණ.
නිදහස් මනසින් සත්‍යය සෙවීම, යුගයට ගැලපෙන සේ ඉදිරියට යාම, පවතින සැබෑ තත්ත්වයන්ට අනුකූලව ප්‍රායෝගිකව ක්‍රියා කිරීම යන මූලධර්මයන්ට අනුව ප්‍රතිසංස්කරණ වගකීම පූර්ණ ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසියේදී ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තවදුරටත් තහවුරු කිරීම සඳහා වන සමස්ත සැලසුම් නිකුත් කර ඇත. එහි වැදගත් ප්‍රතිසංස්කරණ පියවර 300 කට වැඩි සංඛ්‍යාවක් දක්වා තිබේ. ප්‍රතිසංස්කරණ කාර්යයේ දී චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය දැඩි ලෙස තහවුරු කරමින් අවසර ලබා ගැනීමේ හා කරුණු වාර්තා කිරීමේ ක්‍රමවේදය තරයේ ක්‍රියාත්මක කළ යුතු බව ද එම රැස්වීමේදී ප්‍රකාශ කෙරිණ.
මේ යටතේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය වැඩිදියුණු කරමින් සුවිශේෂ, පුළුල් හා වැදගත් කරුණු පිළිබඳ සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසිය ඉදිරිපත් කළ, නිදහස් වෙළඳාම අත්හදා බැලීමේ කලාප ඉහළ මට්ටමකට නංවා ගැනීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ අරමුණක් වන්නේ, ක්ෂේත්‍ර ගණනාවක, වඩාත් ගැඹුරින් නිදහස් වෙළඳාම ගවේෂණය කිරීමයි. එමෙන්ම නිදහස් වෙළඳ කලාපයේ විවෘතභාවය, පද්ධතිමය ප්‍රතිසංස්කරණ ඵලදායිතාව හා විවෘත ආර්ථීක ගුණාත්මකභාවය නිසියාකාරයෙන් ඉහළ නංවා ගැනීම ද ඉන් අපේක්ෂිත බව එම රැස්වීම පෙන්වා දුන්නේය.