ඇමරිකාවේ ආධිපත්‍යය සහ බල දේශපාලනය කාලය විසින් තුරන් කෙරෙනු ඇතැයි චීනය කියයි
2024-08-29 17:14:51
Share with:

ඇමරිකාවේ ආධිපත්‍යය සහ බල දේශපාලනය කාලය විසින් තුරන් කෙරෙනු ඇතැයි චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව කියාසිටියේය. ඒ, ඇමරිකාව තම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට එරෙහිව බොහෝ ලතින් ඇමරිකානු රටවලින් පසුගියදා එල්ල වූ විරෝධය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කරමිනි.

බාහිර මැදිහත්වීම්වලට විරෝධය පළ කරන ලතින් ඇමරිකානු රටවල ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට චීනය දැඩි ලෙස සහාය දෙන බව Lin Jian මහතා පැවසීය. යල්පැන ගිය "මොන්රෝ මූලධර්මය", මැදිහත්වීම්වාදය මෙන්ම සම්බාධක සහ ඒකපාර්ශ්වික භාවිතයන් හැකි ඉක්මණින් අත්හරින ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවත්, අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාවයෙන් යුතුව කලාපීය රටවල් සමඟ සබඳතා සංවර්ධනයට ඇමරිකාව පියවර ගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඇමරිකාවේ ආධිපත්‍යය සහ බල දේශපාලනයට පොදු පිළිගැනීමක් හිමි නොවන බව ද Lin Jian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම