මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්
2024-08-29 18:39:01
Share with:

ශ්‍රී ලංකාව අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ බවත්, ඊට හේතු වුණු ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනස් කළහොත් රට යළි අර්බුදයක් කරා ගමන් කිරීමේ අවදානමක් පවතින බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්තිමය තීරණ මේ සඳහා බලපා තිබේ. ඒවා ක්‍රියාත්මක කිරීමේ දී බිම් මට්ටමට සිදුවිය හැකි බලපෑම් සහ අභියෝග අවම කරගෙන ක්‍රියා කළ යුතු බව ද මහ බැංකු අධිපතිවරයා පෙන්වාදෙයි. මෙම ක්‍රමවේද වෙනස් කළහොත් රට යළි දෙවසරකට පෙර පැවති තත්ත්වයට පත්වනු ඇති බවට ද හෙතෙම අනතුරු ඇඟවීය.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වැනි වාර්ෂික සමුළුවට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම