අප්‍රිකාවේ බලශක්ති පරිවර්තනයට චීනයේ පුළුල් සහාය
2024-08-29 18:34:37
Share with:

චීන - අප්‍රිකා සහයෝගිතා ඔස්සේ අප්‍රිකාවේ බලශක්ති පරිවර්තනය ප්‍රවර්ධනය කර ඇතැයි චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව කියාසිටී.

එම කමිටුව අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සහයෝගිතා රාමුව යටතේ චීනය, අප්‍රිකානු රටවල් සමග එක්ව එම කලාපයේ විශ්වසනීය බලශක්ති ලබාගැනීමේ ශක්‍යතාව හා බලශක්ති පරිවර්තනය පිළිබඳ ගැටළු විසඳීමේ යාන්ත්‍රණ පුළුල් කර ඇත. එමගින් අප්‍රිකාවේ බලශක්ති සම්පත් පරිවර්තනය ඵලදායී ලෙස ක්‍රියාත්මක බව ද එහිදී සඳහන් කෙරිණ.

චීනය අප්‍රිකානු රටවල් සමග එක්ව පවිත්‍ර බලශක්ති සම්පත් පිළිබඳ සහයෝගිතා සක්‍රිය ලෙස ක්‍රියාත්මක කරමින් සිටී. තාක්ෂණයෙන් දියුණු මෙන්ම පරිසර හිතකාමී බලශක්ති සම්පත් ව්‍යාපෘති මාලාවක් කලාපීය රටවල් හා ප්‍රදේශ 40 ක ඉදි කර ඇත. ප්‍රකාශ වෝල්ටීයතා බලශක්තිය, සුළං විදුලිබලය, ජලවිදුලිය සහ biomass බලශක්තිය යන අංශ රැසක ඒවා විහිද යයි. මේ යටතේ අලුතින් ඉදි වන බලාගාරවලින් උත්පාදනය කෙරෙන විදුලි ප්‍රමාණය කිලෝවොට් මිලියන 120 කි. මීට අමතරව, කිලෝමීටර් 66000 ක දිගින් යුතු විදුලි ජාල මාර්ග ඉදිකර ඇති බව ද එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20241104සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම