ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළට
2024-08-29 18:39:49
Share with:

ආසන්න වසර 5 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ බැස ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2019 වසරේ උපත් සංඛ්‍යාවට සාපේක්ෂව 2023 වසරේ උපත් සංඛ්‍යාව 70,000 කින් පමණ පහළ ගොස් ඇති බව එම දත්ත වාර්තාවන් හි දැක්වේ.

උපත් අනුපාතිකය අඩුවීම යනු රටේ ශ්‍රම බලකායට සෘජු බලපෑමක් එල්ල කරන සාධකයකි. මේ ආකාරයෙන් උපත් සංඛ්‍යාව පහළ යාම හේතුවෙන් අනාගතයේදී විවිධ ක්ෂේත්‍රවලට ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇතිවීමේ ඉඩක් පවතින බව ද අදාළ බලධාරීන් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම