බංග්ලාදේශයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට
2024-08-29 10:32:14
Share with:

බංග්ලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව එරට රජය ඊයේ(28) ප්‍රකාශ කළේය. අනපේක්ෂිත සෘතුමය වර්ෂාපතනය ඊට හේතු වී ඇත.

එරට ජාතික ආපදා ප්‍රතිචාර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ වාර්තාවට අනුව ඩකා අගනුවරට කිලෝමීටර් 96ක් පමණ නැගෙනහිරින් පිහිටි කුම්ලා දිස්ත්‍රික්කයෙන් මරණ 12 ක් වාර්තා වී තිබේ.

දිස්ත්‍රික්ක 12ක පමණ ජනතාව මිලියන 1.23ක් අතරමංව ඇති අතර, රටේ සමස්ථ දිස්ත්‍රික්ක 64න් දිස්ත්‍රික්ක 11ක මිලියන 6කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති.

මීට අමතරව සහන මධ්‍යස්ථාන 4003ක ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් නවාතැන් ගෙන ඇති බව අමාත්‍යංශය පවසයි.

අතරමං වූ පුද්ගලයින් කඩිනමින් මුදාගෙන හදිසි ප්‍රතිකාර ලබා දෙන ලෙසත්, විපතට පත් වූවන්ට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙසත්  බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක  Muhammad Yunus මහතා අදාළ සියළු දෙනාගෙන් ඉල්ලීමක් කළේය.

ගලවා ගැනීමේ මෙහෙයුම්, සහනාධාර බෙදා හැරීම සහ ගංවතුරින් විපතට පත් ජනතාව නවාතැන් ගෙන සිටින මධ්‍යස්ථාන අධීක්ෂණය කිරීම සඳහා බලධාරීන් විසින් ආපදා ප්‍රතිචාර හමුදා කණ්ඩායම් යවා ඇති බව ද වාර්තා‍ වේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම