චීන-වියට්නාම හමුදා සබඳතා ඉහළ මට්ටකට නංවා ගනිමින් එහි නව සංවර්ධනයක් සහතික කරන බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශය පවසයි.
චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක Wu Qian මහතා අද (29) පැවති මාධ්‍ය හමුවේදී චීන -වියට්නාම හමුදා සබඳතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ වියට්නාම ජනාධිපති To Lam මහතා අතර පසුගිය 19 වැනිදා පැවති සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය වැදගත් එකඟතා මාලාවකට පැමිණ ඇත. පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම අඛණ්ඩව ක්‍රියාවට නංවා, දෙරට හමුදා සබඳතා සංවර්ධනය කිරීමට නව අවස්ථා ලබාදෙන බව එහිදී ප්‍රකාශ කෙරිණ.ඒ අනුව ඉදිරියේදී චීන හමුදාව වියට්නාම පාර්ශ්වය සමග එක්ව දෙරට හමුදා සබඳතාව ඉහළ මට්ටමකට නංවා ගනිමින් එහි නව සංවර්ධන අදියරක් ඇරඹීමට සූදානම් බව Wu Qian මහතා අවධාරණය කළේය.