Kurskaya කලාපයේ න්‍යෂ්ටික අනතුරක් සිදුවීමේ අවදානමක් ඇති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Grossi මහතා ඊයේ (27) පැවසුවේ ය. අනතුරක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය රුසියානු ආයතන සමග ඒකාබද්ධව එම තත්ත්වය විශ්ලේෂණය කරනු ඇත.
Kurskaya න්‍යෂ්ටික බලාගාරයේ වත්මන් මෙහෙයුම් තත්ත්වය සාමාන්‍ය මට්ටමට ආසන්න නමුත් එම බලාගාරය අසල ප්‍රදේශයේ සක්‍රීය හමුදා මෙහෙයුම් න්‍යෂ්ටික ආරක්ෂණ ගැටළු මතු කළ හැකි බව Grossi මහතා සඳහන් කර ඇත.
කිසිදු තත්ත්වයක් යටතේ න්‍යෂ්ටික බලාගාර මිලිටරි මෙහෙයුම්වල ඉලක්කය නොවිය යුතු බවත්, බාහිර සාධක Kurskaya න්‍යෂ්ටික බලාගාරයට බලපාන්නේ නම්, බරපතල ප්‍රතිවිපාක සිදුවනු ඇති බත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.