2024 චීන අන්තර්ජාල ශිෂ්ටාචාර සමුළුව සාර්ථකව පැවැත්වේ. ඒ, අද (28) චීනයේ චෙංදු නගරයේදී ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානි Li Shulei මහතා එම අවස්ථාවට එක් ව දේශනයක් පැවැත්වීය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ සංස්කෘතික චින්තනය සහ අන්තර්ජාල බලයෙන් රට ශක්තිමත් කිරීමේ දැක්ම අනුගමනය කරමින්, නව යුගයේ අන්තර්ජාල ශිෂ්ටාචාරය ගොඩනැගීම මැනැවින් ප්‍රවර්ධනය කළ යුතු බව එම සමුළුවට සහභාගි වූ පිරිස පෙන්වා දී තිබේ. අන්තර්ජාල ශිෂ්ටාචාරය ගොඩනැගීමේ නිවැරදි දිශාව මනාව වටහාගෙන, ධනාත්මක සහ සවිමත් අන්තර්ජාල සංස්කෘතියක් අඛණ්ඩව සංවර්ධනය කළ යුතු බව ද ඔවුහු කියාසිටියහ. සයිබර් අවකාශයේ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ අන්තර්ජාල ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා වන ක්‍රියාකාරී යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නව යුගයේ අන්තර්ජාල ශිෂ්ටාචාරය ගොඩනැගීමේ නව පරිච්ඡේදයක් අරඹන බවට ද ඔවුන් අපේක්ෂා පළ කර ඇත.