රබර් වගාකරුවන්ට පොහොර සහනාධාර
2024-08-28 16:17:48
Share with:

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෑතකාලීනව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට 65,000 දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබේ. මෙම කාරණය සැලකිල්ලට ගනිමින් රබර් වගාව සඳහා යොදන කිලෝ 50 ක පොහොර මල්ලක මිල රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දී ඇත.

එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබාදීමට පියවර ගැනේ. මේ වනවිට වී, තේ, පොල් හා කුරුඳු වගාවන් සඳහා ද පොහොර සහනාධාර ලබාදීමට රජය පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම