චීනයේ ටිබෙට් ස්වායත්තය පිළිබඳ අසත්‍ය ප්‍රචාරවලට චීනයේ දැඩි විරෝධය
2024-08-28 19:36:32
Share with:

චීනයේ ටිබෙට් ස්වායත්තයේ කිසිදු කටයුත්තක් සම්බන්ධයෙන් බාහිර මැදිහත්වීමකට ඉඩ නොතබන බව චීනය අවධාරණය කරයි.

චීනයේ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග ටිබෙට් වැසියන්ගේ ජීවන රටාව සහ පාරිසරික සංස්කෘතිය විනාශ කරන බවට මෑතකදී නිව්යෝර්ක් ටයිම්ස් ඇතුළු බටහිර මාධ්‍ය සහ සංවිධාන වාර්තා කර ඇත. විවිධ දේශපාලනඥයන්, මාධ්‍ය සහ සංවිධාන මේ අයුරින් කරුණු විකෘති කිරීම හා අසත්‍ය ප්‍රචාර සිදුකිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළකරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

දිගු කලක් තිස්සේ ටිබෙට් ස්වායත්තයේ ආර්ථිකය ප්‍රශස්ත ලෙස වර්ධනය වී ඇති අතර, සමස්ත සමාජ තත්ත්වය සමගි සම්පන්න හා ස්ථාවරභාවයෙන් යුතු බව ඔහු එහිදී කියා සිටියේය. ටිබෙට් ස්වායත්තයේ සංස්කෘතික සම්ප්‍රදායන් සුරක්ෂිත මෙන්ම වැඩිදියුණු වී ඇති අතර, ජනතාවගේ ජීවන තත්ත්වය බෙහෙවින් ඉහළ නංවා ඇත. එය ටිබෙට් ස්වායත්තයේ සියලුම ජනවාර්ගික කණ්ඩායම්වල හෘදයංගම පිළිගැනීම වන බව ද ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ටිබෙට් ස්වායත්තය පාලනය කිරීම සඳහා නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂය සකස් කරන උපායමාර්ගය යටතේ, හොඳම සංවර්ධනය, විශාලතම වෙනස්කම් සහ ජනතාව සඳහා ඉහළම ප්‍රතිලාභ සහිත යුගයකට ටිබෙට් ස්වායත්තය පිවිස තිබෙන බව ද Lin Jian මහතා ප්‍රකාශ කළේය.

ටිබෙට් ස්වායත්තයට පැමිණ එහි සැබෑ තත්ත්වය මෙන්ම සංවර්ධනය සියැසින් දැක බලා ගැනීම සඳහා චීනය විදේශිකයන්ට සාදරයෙන් ඇරයුම් කරන බව ද  විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.  

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම