චීන-ඇමරිකා සබඳතාව, එකිනෙකාට එරෙහි ජය, පරාජය සහිත ක්‍රීඩාවක් නොවිය යුතු බව ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා පවසයි. ඊයේ (27) පැවති 6 වැනි Forbes ඇමරිකා-චීන වාණිජ සාකච්ඡා මණ්ඩපයේ දී දේශනයක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
තමා සතු වගකීම් වෙනත් පාර්ශ්වයන්ට පවරා ගැටලු විසඳා ගත නොහැකි බවත් වෙළඳ, කර්මාන්ත සහ තාක්ෂණික අංශවල සටන්වලින් ජයග්‍රාහකයෙකු මතු නොවනු ඇති බවත් චීන තානාපතිවරයා පෙන්වා දුන්නේය.
ෂී ජින් පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම හා සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ ලබාගැනීම යන මූලධර්මය අනුගමනය කරන චීනය, ඇමරිකාව සමඟ සංවාද හා අදහස් හුවමාරු සහතික කර, මතභේද නිසි ආකාරයෙන් පාලනය කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා පුළුල් කිරීමට කටයුතු කරයි. එසේම චීන-ඇමරිකා සබඳතාව ස්ථාවර හා යහපත් දිශාවක් කරා ඉදිරියට රැගෙන යාමට අපේක්ෂා කරන බව ද Xie Feng මහතා කියාසිටියේය.
චීනය සහ ඇමරිකාව එකිනෙකාගේ සංවර්ධන අයිතිවාසිකම් ගරු කළ යුතුය. එසේම, සංවාද හා සම්බන්ධීකරණ මගින් ගැටළු විසඳා ගනිමින්, ආර්ථික, වෙළඳ, කෘෂි හා කර්මාන්ත යන සාම්ප්‍රදායික සහයෝගිතා සහතික කළ යුතුය. මීට අමතරව දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම හා කෘත්‍රිම බුද්ධිය වැනි නවීන සංවර්ධන ක්ෂේත්රයන් හි සහයෝගිතා පුළුල් කිරීම ද අත්‍යවශ්‍ය වේ.
චීන-ඇමරිකා ජයග්‍රහණ මෙන්ම සමස්ත ලෝකයේ පොදු ජයග්‍රහණ සාක්ෂාත් කිරීමට ප්රයත්න දරන බව ද ඇමරිකාවේ චීන තානාපති Xie Feng මහතා එහිදී අවධාරණය කළේය.