ගෝලීය සංවර්ධනයට සුබවාදී අපේක්ෂා ගෙනෙන චීන-අප්‍රිකා සබඳතාවන්හි නව පරිච්ඡේදයක්
2024-08-28 20:20:50
Share with:

2024 චීන-අප්‍රිකා සහයෝගතා සංසදයේ ප්‍රධානීන්ගේ සමුළුව සැප්තැම්බර් 4 - 6 දක්වා දිනවල බෙයිජිං අගනුවර දී පැවැත්වේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහි සමාරම්භක උළෙල හා සෙසු ක්‍රියාකාරකම්වලට එක්වීමට නියමිත ය. අප්‍රිකානු රටවල නායකයෝ විශාල පිරිසක් සහ අප්‍රිකානු සංගම් කමිටුවේ සභාපතිවරයා ප්‍රමුඛ සාමාජික පිරිස ද එම සමුළුවට සහභාගි වෙති. 

ෂී ජින්පිං මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු පස් වතාවක් අප්‍රිකාවේ නිල සංචාරයන්හි නිරත වී තිබේ. වසර 2015, 2018 හා 2021 යන වසරවල පැවති චීන අප්‍රිකා සහයෝගතා සංසදවලට ඔහු අඛණ්ඩව සහභාගි වූ අතර එම අවස්ථාවලදී, ‘සහයෝගතා සැලසුම් දහයක්’ ‘මෙහෙයුම් අටක්’ ‘ව්‍යාපෘති නවයක්’ යන සැලසුම් ප්‍රකාශයට පත්කිරීමට ද පියවර ගත්තේය. ඒවා, කාර්මිකකරණය, කෘෂි නවීකරණය, යටිතල පහසුකම්, හරිත සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, පොදු සනීපාරක්ෂාව, මානව සංස්කෘතිය සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. ෂී ජින්පිං මහතාගේ මෙහෙයවීම යටතේ චීන-අප්‍රිකා මිත්‍රශීලි සහයෝගතා මනා පිබිදීමක් පෙන්නුම් කර ඇත.

අඛණ්ඩ වසර 15ක් පුරා අප්‍රිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන්නේ චීනය යි. එසේම, 2023 වසර නිමා වන විට චීනය අප්‍රිකාව වෙත කළ ඍජු ආයෝජනයන්හි වටිනාකම ඇ.ඩො. බිලියන 40 ඉක්මවීය. එසේම චීනය අප්‍රිකාවේ ප්‍රධානම විදේශ ආයෝජන මූලාශ්‍ර රටක් ද වේ. පසුගිය වසර තුන තුළ චීන ව්‍යාපාර මගින් අප්‍රිකානු රටවල රැකියා අවස්ථා මිලියන 1.1ක් පමණ නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.

ගෝලීය විපර්යාස හමුවේ චීන-අප්‍රිකා සම්බන්ධතාවයේ ස්ථාවරත්වය හා මනා සංවර්ධනය තුළින් ගෝලීය සංවර්ධනයට ගාමක බලය හා නිශ්චිතතාව තිළිණ කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. නොබෝ කලකින් පැවැත්වෙන 2024 චීන-අප්‍රිකා සහයෝගතා සංසදයේ ප්‍රධානීන්ගේ සමුළුව මගින් දෙපාර්ශ්වය අනාගතවාදී සංවර්ධන ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව ද නිසැක ව පැවසිය හැකිය.

ගුවන් විදුලිය
20241015අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම