ජනපතිගේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (29) එළිදැක්වේ
2024-08-28 16:26:16
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (29) එළිදැක්වේ.  ‘පුළුවන් ශ්‍රී ලංකා’ යන තේමාවෙන් යුතුව එය සකස් කොට තිබේ. 

රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා රැගෙන යාමේ පියවර සහ එය ක්‍රමයෙන් සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමට අදාළ සැලසුම් ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් ය. 

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට යහපත උදාවන රටක් ගොඩනැඟීම ‘පුළුවන් ශ්‍රී ලංකා’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමෙන් පසු මීළඟ ඉදිරිගාමී පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අවධානය යොමු කර තිබෙන බව ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම