ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතින් ප්‍රථම ස්ථානය චීනයට
2024-08-28 10:47:25
Share with:

ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය 2024 ලොව නිර්මාණශීලි දර්ශකය පිළිබඳ වාර්තාවේ පූර්ව වාර්තාව නිකුත් කරයි. ලෝක බුද්ධිමය ‍දේපළ අයිතිවාසිකම් සංවිධානය ඊයේ(27) 2024 සිංග්පූරු බුද්ධිමය‍ දේපළ අයිතිවාසිකම් සතියේදී එම වාර්තාව නිකුත් කළේය.

එම වාර්තාවට අනුව ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතින් චීනය ලොව පළමුවැනි ස්ථානයේ පසුවෙයි. ලොව ප්‍රමුඛතම විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ 100ක් අතරින් 26ක් චීනය සතුය. ඇමරිකාව, ජර්මනිය, ඉන්දියාව හා දකුණු කොරියාවට වෙන් වෙන් ව 20ක්, 8ක්, 4ක් හා 4ක් හිමි වේ.

ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Daren Tang මහතා පැවසුවේ විද්‍යාත්මක හා තාක්ෂණික නිර්මාණශීලි සමූහ, රටේ නිර්මාණශීලි පද්ධතියේ වැදගත් පදනමක් බවයි. එම සමූහ සංවර්ධිත රටවල පමණක් නොව නැගී එන ආර්ථික ඒකකවල ද ක්‍රමයෙන් දියුණු වී තිබේ. බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ප්‍රයෝජනයට ගෙන පර්යේෂණ ප්‍රතිඵල ප්‍රායෝගික විසඳුම වෙත පරිවර්තනය වීම වෙනුවෙන් ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය එම සමූහයන්ට අඛණ්ඩව අනුබල දෙන බව Daren Tang මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම