අප්‍රිකානු ජනතාවගේ සුබසෙත උදෙසා ජගත් ප්‍රජාව සමග එක්ව ප්‍රයත්න දැරීමට සූදානම් බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (28) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
චීනය සමග සහයෝගතා පැවැත්වීමේදී අප්‍රිකානු රටවලට සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදුනොවිය යුතු බවටත්, අප්‍රිකානු-චීන සහයෝගතාවන් හි පදනම අප්‍රිකාවේ අවශ්‍යතා බවටත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ හිටපු නිලධාරි Hannah Ryder මහත්මිය මෑතකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනයේ අදහස කුමක් දැයි මාධ්‍යවේදියෙකු එහිදී විමසා ඇත.
මිත්‍රත්වය හා සාධාරණත්වය පිළිබඳ නිවැරදි ආකල්පයක සිට, චීනය අප්‍රිකාව සමග අවංක හා ළෙන්ගතු අයුරින් සහයෝගතා පවත්වන බව ලින් ජියන් මහතා එහිදී කියාසිටියේය. දෙපාර්ශ්වයේ ජනතාවගේ මූලික අයිතීන් සහතික කිරීම එහි ප්‍රමුඛ අපේක්ෂාව වේ. චීන මාදිලියේ නවීකරණයෙන් අප්‍රිකාවේ නවීකරණය ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවයි. අප්‍රිකාව සමග සම්බන්ධතාවයේ දී කැපීපෙනෙන්නේ චීනයේ කල්‍යාණ මිත්‍රත්වය මිස, ආත්මාර්ථකාමීත්වය නොවේ. කිසි විටෙකත් හිස් පොරොන්දු ලබා නොදුන් චීනය වචනයෙන් පැවසූ ආකාරයටම ක්‍රියා කරන බවත්, එවන් ක්‍රියාමාර්ග තුළින් උසස් ප්‍රතිඵල හිමි වී ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළේය.