ජනාධිපතිවරණය නිරීක්ෂණයට යුරෝපා සංගමය එක්වෙයි
2024-08-27 17:27:43
Share with:

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධාන කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවෙයි.

2024 ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මෙරටට එවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් යුරෝපා සංගමයට ආරාධනා කර තිබිණ.

එම සංගමයේ රෙගුලාසි යටතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර, යුරෝපා සංගම් නියෝජිත පිරිස සහ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර පරිපාලන විධිවිධානයන්ට අත්සන් තැබිය යුතු වේ. ඒ අනුව දෙපාර්ශ්වය ඉකුත් අගෝස්තු 5 වැනිදා අදාළ ලේඛනවලට අත්සන් තබා ඇත.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම