“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ උසස් තත්ත්වයේ ඒකාබද්ධ ඉදිකිරීම් 2024 චීන-අප්‍රිකා සහයෝගිතා සමුළුවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
අප්‍රිකානු රටවල් අතර සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීමේදී “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවට පසුගියදා ඇතැම් අප්‍රිකානු විද්වතුන් දැක්වූ අදහස් සම්බන්ධයෙන් විග්‍රහ කරමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා මේ බව පැවසුවේ අද (27) පැවති නිත්‍ය මාධ්‍ය හමුවට එක්වෙමිනි.
යටිතල පහසුකම් ඉදිකිරීම අප්‍රිකාවේ සංවර්ධනයට වැදගත් පදනමක් වන අතර, අන්තර් සම්බන්ධතා සහතික කිරීම අප්‍රිකානු රටවල පොදු අපේක්ෂාවක් බව ඔහු පෙන්වා දුන්නේය. ගත වූ වසර ගණනක් තුළ, චීන-අප්‍රිකා සහයෝගිතාව යටතේ, මාර්ග කිලෝමීටර් 100,000 කට ආසන්න ප්‍රමාණයක්, කිලෝමීටර් 10,000 කට අධික දුම්රිය මාර්ග, පාලම් 1,000 ක් සහ වරායන් 100 ක් පමණ එම කලාපයේ ගොඩනගා හෝ වැඩිදියුණු කර ඇතැයි ද Lin Jian මහතා පැවසීය. මිලියන 900 කට අධික ජනතාව ආවරණය වන සේ අප්‍රිකානු කලාපයේ සමස්ත රැහැන් රහිත සන්නිවේදන මධ්‍යස්ථාන සහ අධිවේගී ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් ජාලවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ගොඩනැගීමට ද චීන සමාගම් සහාය දී ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා අවධාරණය කළේය.