චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු බලකාය චීන මියන්මාර දේශසීමා ප්‍රදේශයේ චීනයට අයත් ප්‍රදේශයේ පාබල හා ගුවන් යුධ අභ්‍යාසයක් අරඹයි
2024-08-27 09:56:19
Share with:
චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු බලකාය අද(27) සිට චීන මියන්මාර දේශසීමා ප්‍රදේශයේ චීනයට අයත් ප්‍රදේශයේ පාබල හා ගුවන් යුධ අභ්‍යාසයක් සිදු කරයි. සජීවි උණ්ඩ යොදා ගනිමින් එය සිදු කෙරෙන බව චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු බලකායේ ප්‍රකාශක, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා කියා සිටී. එම බලකායේ ඔත්තු බැලීම්, ප‍්‍රදේශ අවහිර කිරීම් හා පහර දීමේ හැකියාවන් පරීක්ෂා කිරීම එහි අරමුණ ය. ඕනෑම හදිසි තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට සූදානම් වෙමින් දකුණු බලකායේ හමුදාව ජාතික ස්වාධිපත්‍යය, දේශසීමා ප්‍රදේශයේ ස්ථාවරත්වය හා ජනතාවගේ ජීවිත හා දේපළ තරයේ ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බව Tian Junli මහතා කියා සිටියේය.