බෝ ආඕ ආසියා සංසදයේ වටමේස සාකච්ඡාවක් තායිලන්තයේදී
2024-08-27 11:31:46
Share with:

බෝ ආඕ ආසියා සංසදයේ වටමේස සාකච්ඡාවක් තායිලන්තයේදී පැවැත්වේ. ඊයේ (26) තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති එම වටමේස සාකච්ඡාවේ ප්‍රධාන තේමාව “ලෝකයේ අනාගතය - ආසියාවේ දෘෂ්ටිකෝණය ”යන්නයි. ලබන මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ අනාගත නායක සමුළුවට පෙර සූදානමක් වශයෙන් බෝ ආඕ ආසියා සංසදය එම වටමේස සාකච්ඡාව සංවිධාන කර ඇත. 

ආසියාවේ දෘෂ්ටිකෝණයෙන් ගෝලීය අභියෝගවලට මුහුණ දීමේ ක්‍රමවේද සොයා ගැනීම සහ ආසියා රටවල් එක්සත් ජාතීන්ගේ 2030 වසරේ න්‍යාය පත්‍රය හා තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීමට රුකුලක් ලබාදීම, මෙවර වටමේස සාකච්ඡාව මගින් අපේක්ෂා කෙරිණ. එක්සත් ජාතීන්ගේ අනාගත නායක සමුළුව දුෂ්කර කාර්යයන් රැසකට මුහුණ දෙනු ඇත. ආසියාව ජගත් ප්‍රජාවේ කේන්ද්‍රස්ථානයේ පසු වන බැවින් ආසියාවේම සැලසුම් ඉදිරිපත් කිරීමේ වගකීම පැවරී ඇතැයි බෝ ආඕ ආසියා සංසදයේ මහ ලේකම් චාං චුන් මහතා කියා සිටී. 

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එම සාකච්ඡාවට සුබපැතුම් ලිපියක් යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම