යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට චීනය යළිත් ඉදිරිපත් වෙයි
2024-08-27 18:55:41
Share with:

යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීමේ මැදිහත්කරුවකු ලෙස චීනය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග යළිත් ඉටුකරයි. මෙවර චීනය ඒ සඳහා ඉදිරිපත් වූයේ සිවුවැනි වරට යි.

චීනයේ සිටින විදේශ රටවල තානාපතිවරුන්ට හා දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා චීන රජයේ යුරෝපා - ආසියානු කටයුතු විශේෂ නියෝජිත Li Hui මහතා අද (27) බෙයිජිං අගනුවර දී මාධ්‍ය හමුවක් පැවැත්වීය.

පසුගිය ජූලි 28 වැනිදා සිට අගෝස්තු 7 වනදා දක්වා Li Hui මහතා බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරය කර ඇත. වත්මන් තත්ත්වය සහ සාම සාකච්ඡා ක්‍රියාවලිය පිළිබඳව ඔහු  ‘ගෝලීය දකුණු රටවල’වැදගත් සාමාජිකයන් සමග තවදුරටත් අදහස් හුවමාරු කරමින් සාම සාකච්ඡාව යළි ආරම්භ කිරීම සඳහා හිතකර කොන්දේසි නිර්මාණය කිරීමට උත්සාහ කර ඇත.

යුක්රේන අර්බුදයේ අඛණ්ඩ පැවැත්මට හේතුව, රුසියාව හා යුක්රේනය ම පමණක් නොවේ. එම අර්බුදය මෙහෙයවනු ලබන්නේ ඇතැම් යුදමය හා කර්මාන්ත විසින් නියෝජනය කෙරෙන ගෝලීය යුද පද්ධතිය බවට ද විවිධ පාර්ශ්වයන් පිළිගෙන තිබේ.

චීනයේ අදහස් ගරු කරන එම රටවල් පෙන්වා දෙන්නේ ඇතැම් පාර්ශ්ව එම අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් මිත්‍ර පාක්ෂිකයන් කිහිපදෙනෙකු අල්ලා ගනිමින්  සිය වගකීම් වෙනත් පාර්ශ්වයන්ට පවරා දීමට ප්‍රයත්න දරා ඇති බවයි. එසේම එම පිරිස මෙම අර්බුදය පිළිබඳ වගකීමක් චීනයට ඇති බව හුවා දැක්වීමට ද උත්සාහ දරමින් සිටිති. මීට අමතරව, මෙම පාර්ශ්ව, රුසියාව සමඟ සාමාන්‍ය වෙළඳ කටයුතුවල නිරත රටවලට සම්බාධක පනවන බවට තර්ජනය කර ඇත. 

කෙසේ වුවද චීනය සිය ක්‍රමවේද ඔස්සේ සාම සාකච්ඡාවලට සහාය දෙමින් යුක්රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීමට දැඩි ලෙස කැපවී සිටින බව ද චීන රජයේ යුරෝපා - ආසියානු කටයුතු විශේෂ නියෝජිත Li Hui මහතා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20241108සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම