නිරිතදිග පාකිස්තානයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
2024-08-27 09:54:29
Share with:

නිරිතදිග පාකිස්තානයේ Balochistan පළාතට ඊයේ(26) ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇත. මෙම ප්‍රහාරවලින් සිවිල් වැසියන් සහ ආරක්ෂක නිලධාරීන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මිය ගොස් ඇති අතර, සටන්කාමීන් 21 දෙනෙක් ද මිය ගොස් ඇති බව වාර්තා වේ.

පාකිස්තානයේ නිල නිවේදනයකට අනුව, "සතුරු හමුදාවන්ගේ උපදෙස් මත" ත්‍රස්තවාදීන් පසුගිය 25 වැනිදා සවස සිට, එම පළාතේ සාමකාමී සංවර්ධන පරිසරය විනාශ කිරීමේ අරමුණින් ප්‍රහාර දියත් කර තිබේ. අහිංසක සිවිල් වැසියන් රැසක් ඉන් ඝාතනයට ලක් වූහ.

"Balochistan විමුක්ති හමුදාව" නමැති ත්‍රස්තවාදී සංවිධානය මෙම ප්‍රහාර එල්ල කළ බව ද වාර්තා වේ. මේ වසරේ එම සංවිධානය දියත් කළ විශාලතම ත්‍රස්ත ප්‍රහාරය මෙය බව එරට වාර්තා සඳහන් කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා එදින නිවේදනයක් සිදු කරමින්, මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින අතර, ත්‍රස්තවාදය මැඩලීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම