ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමට පියවර
2024-08-27 17:26:48
Share with:

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය පළ වේ.

මෙය පසුගිය මැයි 22 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගැනුණු යෝජනාවකි. ඒ අනුව, ඉඩම්, වනජීවී හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල සහ නීතිපති දෙපාර්‌තමේන්තුවේ  මෙන්ම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන්ගේ හා අදාළ ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා මූලික කෙටුම්පත වැඩිදියුණු කර ඇත. එම රැස්වීම් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එම මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම