කඩිනම් ආර්ථික ප්‍රකෘතියක් රට තුළ ඇතිකිරීමේ ඉලක්කය තමා සාක්ෂාත් කළ බව ජනපති කියයි
2024-08-27 17:25:35
Share with:
රට හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමග සිටින බවත්, රටේ ආර්ථිකය ඉදිරියට රැගෙන යාම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහෙයවිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ජනතාවගේ ද වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී.
කඩිනම් ආර්ථික ප්‍රකෘතියක් රට තුළ ඇති කිරීමේ තම ඉලක්කය මේ වන විට සාක්ෂාත් කර ඇති බව ද හෙතෙම පැවසීය. එසේම, තිරසර ආර්ථික වර්ධනයක් උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද ඔහු පෙන්වාදෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (26) පැවති ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ, 37 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.