චීන උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු සහ ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක අතර හමුවක්
2024-08-27 17:13:23
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා, ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා හමුවෙයි. 

හමුව අද (27) පස්වරුවේ බෙයිජිං අගනුවර දී පැවැත්විණ.

අනතුරුව, චීන -ඇමරිකා උපායමාර්ගික අදහස් හුවමාරුවේ නව වටය වං යී මහතා සහ Jake Sullivan මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ විය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ උපායමාර්ගික උපදෙස් අනුව, දෙරට නායකයන්ගේ හමුවීම් බාලි දූපතේ හා San Francisco හි දී සාර්ථකව පැවැත්විණ.අදාළ හමුවීම්වල අත්දැකීම් සම්පිණ්ඩනය කරමින් අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම හා සහයෝගිතා ඔස්සේ පොදු ජයග්‍රහණ ලබාගැනීම යන ක්‍රියාමාර්ග දෙරට අනුගමනය කළ යුතු බව වං යී මහතා පැවසීය.

නායක දෙපළ San Francisco හි පැවති හමුවේ දී එළඹුණු එකඟතා ක්‍රියාවට නැංවීම දෙපාර්ශ්වයේම පොදු වගකීමකි. එමෙන්ම එය මෙවර උපායමාර්ගික අදහස් හුවමාරුවේ ප්‍රධාන කටයුත්තක් බව ද වං යී මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ පුළුල් ලෙස අදහස් හුවමාරු කෙරෙන බවත් දෙරට සබඳතාවට පවතින බාධා ඉවත් කර, San Francisco දැක්ම කරා විධිමත් හා තිරසර අයුරින් සංවර්ධනය කළ හැකි යැයි අපේක්ෂා කරන බවත් වං යී මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ජෝ බයිඩන් මහතා වගකීම්සහගත ලෙස ඇමරිකා-චීන සබඳතාව මනාව කළමනාකරණය කිරීමෙහි නිරත වන බව Jake Sullivan මහතා එහිදී පැවසීය.තරඟකාරීත්වය ගැටුම් බවට පත්වීම වළක්වා පොදු ජයග්‍රහණ හිමි ක්ෂේත්‍රවල සහයෝගිතා පැවැත්වීමට තම රටේ ජනාධිපතිවරයා ක්‍රියාකරන බව ද ඔහු කියාසිටී.මෙවර උපායමාර්ගික අදහස් හුවමාරුව මගින් චීනය සමඟ විවිධ තේමා පිළිබඳ ඵලදායී සංවාද පවත්වා දෙරට නායකයන්ගේ පොදු එකඟතා නිසි අයුරින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම