ඇමරිකානු ජනපතිගේ ආරක්ෂක උපදේශකවරයා චීනයට පැමිණෙයි
2024-08-27 16:03:09
Share with:

ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශක Jake Sullivan මහතා චීනයට පැමිණෙයි. හෙතෙම අද (27) පස්වරුවේ බෙයිජිං අගනුවරට ළඟාවිය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම විදේශ කටයුතු කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතාගේ ආරාධනාවක් අනුව, හෙතෙම අද (27) සිට 29 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වනු ඇත. එසේම, චීන -ඇමරිකා උපායමාර්ගික අදහස් හුවමාරු කිරීමේ නව වටයට ද Jake Sullivan මහතා  සහභාගි වීමට නියමිත ය.

ඇමරිකානු ජනාධිපතිවරයා‍ගේ ආරක්ෂක උපදේශකවරයකු චීනයට පැමිණියේ වසර 8 කට පසුව යි. මෙම සංචාරය, Jake Sullivan මහතා සිය ධුරයට පත්වීමෙන් පසු නිරත වන ප්‍රථම චීන සංචාරය ද වේ. එමෙන්ම එය දෙරට නායකයන් San Francisco හමුවේදී එළඹුණු ද්විපාර්ශ්වික එකඟතා ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම