මැදපෙරදිග කලාපයේ උත්සන්න වන තත්ත්වය හමුවේ සිය හමුදාව හා යුදෝපකරණ යළි ස්ථානගත කිරීමට ඇමරිකාව පියවර ගනී
2024-08-26 15:29:12
Share with:

මැදපෙරදිග කලාපයේ උග්‍රවෙමින් පවතින තත්ත්වය හමුවේ ඇමරිකානු හමුදාව හා යුදෝපකරණ යළි ස්ථානගත කෙරේ. ඊශ්‍රායලයට එල්ල විය හැකි ප්‍රහාරවලට මුහුණ දීම සඳහා ඇමරිකාව සිය හමුදා හා යුදෝපකරණ යළි ස්ථානගත කරන අතර, සිය අමතර ආරක්ෂක යාන්ත්‍රණ මැදපෙරදිග කලාපයේ ක්‍රියාත්මක කරමින් සිටින බව ඇමරිකානු නිලධාරීන් පසුගියදා පවසා ඇත. මේ වන විට Abraham Lincoln හා Theodore Roosevelt යන ගුවන් යානා ප්‍රවාහක නෞකා දෙක සහ ප්‍රහාරක නෞකා මැදපෙරදිග කලාපයට පිටත් කර යවා අවසන් බව ද ඇමරිකානු හමුදාව ප්‍රකාශ කර තිබේ. ‍

එසේම එම කලාපයට ප්‍රහාරක ජෙට් යානා බලඇණියක් සහ කෲසර් හා ප්‍රහාරක නෞකා පෙළක් ද යවන බවට ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුව සහතික වී ඇත. සිය ප්‍රධානම නාවික හමුදා ‍නෞකා, නවතම ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ යළි ස්ථානගත කිරීමට සූදානම් බව ද ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම