පුත්තලම, අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතියේ මූලික අත්හදාබැලීම් ආරම්භ කෙරේ. කසළ ගොඩබෑම, පැටවීම සහ රැඳවීමේ පහසුකම් මෙහෙයුම් කටයුතුවල මූලික තත්ත්වය ඊයේ (25) නිරීක්ෂණය කෙරුණු බව ව්‍යාපෘති අධ්යක්ෂ , ආර්.එම්.ජී.එස්. බණ්ඩාර මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිත කෙරෙන බැවින් එමගින් සාමාන්‍ය ජන ජීවිතයට හෝ පරිසරයට බලපෑමක් සිදුනොවන බව ද හෙතෙම කියාසිටියේය.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘කොළඹ අගනගර ආශ්රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය’ 2017 වසරේ ආරම්භ කෙරිණ. ඒ, දිනෙන් දින ඉහළ යන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව විසඳීම අරමුණු කරගනිමිනි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ, කොළඹ අගනගරයේ දෛනිකව එකතු වන කසළ මෙට්‍රික්ටොන් 1200 ක් පමණ පුත්තලම, අරුවක්කාලු කසළ අංගණය දක්වා දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙනු ඇත.