බංග්ලාදේශයේ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට
2024-08-26 11:44:50
Share with:
බංග්ලාදේශය මුහුණ පා ඇති ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් විසිදෙනෙකු මිය ගොස් ඇත.
නව සංඛ්‍යා ලේඛනවලට අනුව ඊයේ(25) වනවිට මෙම ආපදා තත්ත්වය හේතුවෙන් බංග්ලාදේශයේ මිලියන 5.2ක් පමණ ජනතාව බලපෑමට ලක්ව තිබේ.
එමෙන්ම බංග්ලාදේශයේ ප්‍රදේශ 11ක පවුල් මිලියනයක් පමණ විපතට පත්ව සිටී. ප්‍රාදේශීය රජය ස්ථාපිත කර ඇති ආරක්ෂිත ස්ථාන 3654ක් තුළ පුද්ගලයන් ලක්ෂ 4.15ක් හා සතුන් විසිදෙදහසක් පමණ රැඳි සිටිති. එහි වෛද්‍ය කණ්ඩායම් 748ක් පමණ වෛද්‍ය සේවා සපයමින් සිටිති.
එමෙන්ම විපතට පත් වූ ප්‍රදේශ 11ක් වෙත රජය එරට මුදලින් එනම් ටකා මිලියන 35.2ක මුදලක් වෙන් කර ඇති අතර සහල් ටොන් විසිදහසකට වැඩි ප්‍රමාණයක් හා වියළි ආහාර පැකේජ පහළොස්දහසක් බෙදා හැර තිබේ.