චීනය හා පවතින සබඳතා තර කිරීමට පියවර ගන්නා බව තායිලන්ත නව අගමැතිනිය කියයි
2024-08-26 15:46:12
Share with:

තායිලන්ත - චීන සබඳතාව ඉදිරියට රැගෙන යාම සඳහා ක්‍රියාකරන බව තායිලන්ත නව අගමැතිනි Paetongtarn Shinawatra මහත්මිය පවසයි.

සමාජ මාධ්‍ය වෙත අද (26) ලිපියක් නිකුත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. තායිලන්තය හා චීනය අතර පවතින ගැඹුරු මිත්‍රත්වය අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය, සමෘද්ධිය හා සංවර්ධනය පිළිබඳ පොදු අපේක්ෂා මෙන්ම එකම පවුලක් සේ දෙරට ජනතාව අතර පවතින බැඳීම මත ගොඩනැගී ඇති බව ද ඇය පෙන්වාදෙයි.

තායිලන්ත පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ පසුගිය 16 වැනිදා පැවති විශේෂ රැස්වීම අතරතුර පැවති ඡන්ද විමසීමේදී Paetongtarn Shinawatra මහත්මියට මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ පක්ෂපාතීත්වය හිමිවිය. ඒ අනුව, ඇය එරට නව අගමැතිනිය ලෙස තේරී පත් වූවාය.අනතුරුව Maha Vajiralongkorn රජු ද ඇය රටේ අගමැතිනිය ලෙස නිල වශයෙන් පිළිගන්නා බව නිවේදනය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම