සහයෝගතාවෙන් පොදු ජයග්‍රහණ ලබාගැනීමේ අවස්ථා ආරක්ෂණවාදයෙන් අහිමි කෙරෙන බව චීනය පෙන්වාදෙයි
2024-08-26 19:30:53
Share with:

සහයෝගතාවෙන් යුතුව පොදු ජයග්‍රහණ ලබාගැනීමේ අවස්ථා ආරක්ෂණවාදයෙන් අහිමි කෙරෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියන් මහතා කියාසිටී.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (26) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී ය. ඒ, චීනය සිය නිෂ්පාදන කර්මාන්තයේ ආයෝජන පුළුල් කිරීම හේතුවෙන් නිෂ්පාදිත ධාරිතා අතිරික්තය උත්සන්න විය හැකි බවට ඇමරිකානු මාධ්‍යයන් හි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

චීනය සිය නිෂ්පාදිත සම්බන්ධයෙන් ගෝලීය කීර්තියක් දිනා ඇත්තේ අඛණ්ඩ පර්යේෂණ හා සංවර්ධන ප්‍රයත්න ඔස්සේ ජාත්‍යන්තර තරගකාරිත්වය ජයග්‍රහණය කිරීමෙනි. එසේ නොමැතිව, දීමනා ලබා දී අදාළ නිෂ්පාදනවල මිල අඩුකිරීමෙන් හෝ ආරක්ෂණවාදයෙන් ඒකාධිකාරය තහවුරු කරගැනීම චීනයේ පිළිවෙත නොවේ. චීනයේ පූර්ණ නිෂ්පාදන දාමය, ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයන්හි ස්ථාවරත්වය සහතික කර ඇත. ගෝලීය තාක්ෂණික ප්‍රගතිය හා කර්මාන්තවල උත්ශ්‍රේණිගත කිරීම ද ඒ සමගම ප්‍රවර්ධනය කෙරේ.

අභ්‍යන්තර අසීරුතා හමුවේ සෙසු රටවල් ඉලක්ක කර ගැටළු ඇති කිරීම ඇතැම් ඇමරිකානුවන්ගේ හා එරට මාධ්‍යවල සුපුරුදු උපායක් බව ද ලින් ජියන් මහතා පෙන්වා දුන්නේය.  

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම