බෝඅඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ලබන මාර්තු මාසයේ දී
2024-08-26 20:16:37
Share with:

බෝඅඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව ලබන මාර්තු 25 වැනිදා සිට 28 වැනිදා දක්වා චීනයේ හයිනැන් පළාතේ බෝඅඕ හි පැවැත්වීමට නියමිතය. අද (26) පැවති බෝඅඕ ආසියානු සංසදයේ Bangkok වටමේස රැස්වීමේදී එම සංසදයේ සභාපති Ban Ki-moon මහතා ඒ බව ප්‍රකාශ කළේය.

බෝඅඕ ආසියානු සංසදයේ 2025 වාර්ෂික සමුළුව, ආසියාවේ සංවර්ධනය මෙන්ම ප්‍රධාන ගෝලීය ගැටලු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇති බව ද සභාපතිවරයා පැවසීය. ජාත්‍යන්තර ප්‍රජාව අතර සමගිය සහ සහයෝගිතාව ශක්තිමත් කිරීම, පොදු සංවර්ධනය සහතික කිරීම හා පොදු අනාගතයක් ගොඩනැගීම කෙරෙහි එම සමුළුව අවධානය යොමු කරන බව ද Ban Ki-moon මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම