ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින කොන්දේසි වෙනස් කළ නොහැකි බව ජනපති කියයි
2024-08-26 16:33:15
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින කොන්දේසි වෙනස් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි  අවධාරණය කරයි. එසේ කළ හැකි බවට ජනාධිපති අපේක්ෂකවරුන් වන සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන් ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ට එම අරමුදල සමග විවෘත, සජීව සංවාදයකට එක්වන ලෙස ද ජනාධිපතිවරයා දැනුම්දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති, එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනයට එක්වෙමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින කොන්දේසි වෙනස් කළහොත් ආර්ථිකය යළි කඩාවැටෙනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය. 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම