තැපැල් ඡන්ද පත්‍රිකා පිළිබඳ දැනුම්දීමක්
2024-08-26 16:36:06
Share with:
2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද දායකයන් සඳහා යොමුකෙරෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටු භාරගැනීමේ කටයුතු අද (26) ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වැනිදා සිට ආරම්භ වනු ඇත. එසේම, ලබන 8 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණය අවසන් වන තුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.