පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
2024-08-25 16:53:24
Share with:

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පවසන්නේ එම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මේ වන විට කොමිසම සතුව නොමැති බවය. එම මැතිවරණය සඳහා සිදුකරන ලද මූලික වියදම් හැර අනෙකුත් සියලු ඉතිරි මුදල් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රතිපූර්ණය කර ඇති බවද හෙතෙම කියා සිටී. 

තවද පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබා දුන් ඇතැම් අපේක්ෂකයින් මේ වනවිට රට අත්හැර ගොස් ඇති බව වාර්තා වී තිබේ.

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම