තම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ඊශ්‍රායලය විසින් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන්, ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කළ බව, ලෙබනන් Hezbollah සංවිධානය අද(25) ප්‍රකාශ කළේ ය. මේ අතර ඊශ්‍රායල ජාතික ආරක්ෂක ඇමතිවරයා එදිනම නිවේදනය කළේ ඊශ්‍රායලය පුරා පැය 48ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
ලෙබනන් Hezbollah සංවිධානය රොකට් 320කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින්, ඊශ්‍රායල හමුදා ඉලක්ක 11කට පහර දී තිබේ. ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ පළමු අදියර සාර්ථක වූ බව ලෙබනන් Hezbollah සංවිධානය ප්‍රකාශ කර ඇත.
ඊශ්‍රායලයට මහා පරිමාණ රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබීමෙන් පසු ඊශ්‍රායල හමුදාව, ලෙබනන් Hezbollah සංවිධානය වෙත ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායල හමුදාව අද(25) අළුයම ප්‍රකාශ කළේ ය.
ඊශ්‍රායලය දකුණු ලෙබනනයට ප්‍රහාර 40කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබේ. දකුණු ලෙබනනයේ අවම වශයෙන් ගම්මාන හයකට සහ නගරවලට ප්‍රහාර එල්ල කෙරුණු අතර, ඉන් නිවාස, ගොවිබිම් සහ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව තිබේ.