මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට
2024-08-25 16:50:15
Share with:
මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගැනේ. යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත. එහි සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. එම යාත්‍රාව හා ධීවරයන් නීතිමය කටයුතු සදහා යාපනය මයිලඩි ධීවර පරික්ෂක කාර්යාලයට භාරදී ඇතැයි නාවික හමුදාව පවසයි.